පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නොහැකි වී ඇත්තේ තමන්ගේ වරදක් නිසා නොව පෙර පැවති ආණ්ඩුවල වරදින් බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ පෙර පැවති ආණ්ඩු පළාත් සභා මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම ඊට හේතුව බවයි.
එහිදී කොට්ඨාශ ක්‍රමයට මැතිවරණ තබන ලෙස නිර්දේශ කළද සීමා නිර්ණන කටයුතු අවසන් කර නොමැති බවද සමන්ත විද්‍යාරත්න පෙන්වාදෙයි.
මෙම විකෘති තත්ත්වය නිසා පළාත් සභා මැතිවරණ පැවැත්වීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවද ඔහු ප්‍රකාශ කරයි.