එළඹෙන පළාත් සභා මැතිවරණයේ දී තනි පක්ෂයක් ලෙස තරඟ කිරීමට මේ වන විට සැලසුම්කර ඇති බව ශ්රීලනිපය පවසයි.
මහනුවර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මේ බව අනාවරණය කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීම සඳහා මේ වන විටත් ගම් මට්ටමින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වන බව ඔහු සඳහන් කළේ ය.
“පක්ෂයක් විදිහට අපිට තිබෙන ප්‍රධාන අවශ්‍යතාවය තමයි බලය ඇල්ලීම. පළාත් සභා මැතිවරණය ආවොත් ඒකෙදි අපි සූදානම් පක්ෂයක් විදිහට ඉදිරියට යන්න. විශාල ඉල්ලීමක් තියෙනවා වෙනම තරග කරන්න.”