පළාත් පාලන ඡන්දෙට අලුත් සන්ධානයක්…! මෛත්‍රී ඩලස් විමල් පුංචි ආණ්ඩු අල්ලන්න සූදානම්..!

January 2, 2023 at 12:23 pm | by emanisa.lk

පළාත් පාලන මැතිවරණයට තරඟ කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිදහස ජනතා සභාව සහ උත්තර ලංකා සභාගය එක්ව නව සන්ධානයක් බිහි කිරීමට සූදානම් වෙයි.

එම නව සන්ධානය සඳහා එක් නායකයකු නොව, නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර, එම නව සන්ධානය නිදහස් ජනතා සන්ධානය ලෙස නම් කිරීමට ද යෝජනා වී අතර ප්‍රධාන කණ්ඩායම් තුන නියෝජනය වන නායකයන් තිදෙනෙකුගෙන් යුත් නායකත්ව මණ්ඩලයක් පිහිටුවීමට යෝජනා වී ඇත.

මේ අතර, නව සන්ධානයේ විධායක සභාවේ සියයට හතළිහක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත්, සියයට තිහක් නිදහස ජනතා සභාවටත් ඉතිරි සියයට 30 උත්තර ලංකා සභාගය ඇතුළු සෙසු කණ්ඩායම් වලටත් වෙන්කිරීමට ද යෝජනා වී ඇතැයි දැනගන්නට තිබේ.

නව සන්ධානය පිහිටුවීමට අවශ්‍ය මූලික කටයුතු මේ වන විට අවසන් කර ඇති බවත්, මේ සති අන්තයේ එහි කටයුතු නිම කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බවත්, එහි නායකයෙකු මාධ්‍ය වෙත සඳහන් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *