විදෙස්ගත ශ්රමිකයන්ට විද්යුත් වාහන ලබා දුන් බලපත්ර දහසකට අධික ප්රමාණයක් පසුගිය පාලන සමයේ අවභාවිත වී ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.
මේ නිසා අදාළ පහසුකම හිමි විදෙස්ගත ශ්රමිකයන් පිරිසකට එය අහිමිව ගොස් ඇති බවත් විගණකාධිපති ඩබ්.පී.සී. වික්රමරත්න හෙළි කරයි.
විදෙස්ගත ශ්රමිකයන්ට විද්යුත් වාහන බලපත්ර ලබා දීමේ වැඩසටහන පසුගිය පාලන සමයේ ආරම්භ කළ අතර එහි සිදුව ඇති අක්රමිකතා පිළිබඳ ජාතික විගණන ලේකම් කාර්යාලය මසකට අධික කාලයක් විමර්ශන කළේය.