පහුගිය අවුරුද්ද ලෝක යුද්දෙ කාලෙටත් වඩා භයානකයි…! බැසිල්ගේ අයවැයෙන් මාස 12න් ආර්ථිකය ගොඩදානවා..! – දිනේෂ්…

February 2, 2022 at 9:55 am | by emanisa.lk

ඉදිරි මාස 12ක කාලය තුළ රටේ ආර්ථිකය යළි ශක්තිමත් කරමින් ආර්ථික පුනර්ජීවනයකට රට පරිවර්තනය කරන බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි.

“ලෝකෙම තාම කොවිඩ් වසංගතයෙන් ගොඩ ආවෙ නෑ. අපේ රට කළමනාකරණය කළා, නමුත් සම්පූර්ණයෙන්ම ඉවර වෙලා නෑ. මොකද, මේ කොවිඩ් වසංගතය ලෝකය තවම ජයග්‍රහණය කරලා නැති නිසා.

මේ කාල පරිච්ඡේදයේ එන්නත ලබාදීමෙන් අපේ මාස ගණනාවක් වැඩපළවල් සහ පාසල් වසා දැමීමෙන් මෙය බෝවීමේ වේගය පාලනය කරගන්න අපට පුළුවන් වුණා. ඒ හරහා අපි දැන් ඉස්සරහට ආවා. යළිත් ආර්ථිකය ක්‍රමානුකූලව පටන්ගෙන තියෙන්නෙ.

මේ මාස හය තුළ ආර්ථිකය යළි ශක්තිමත් කිරීමේ ක්‍රියාදාමයට අතිරේකව ඉදිරි මාස 6-12 ඊටත් වඩා ආර්ථික පුනර්ජීවනයකට රට පරිවර්තනය වෙනවා. අපේ ආරක්ෂාව සහිතව, සෞඛ්‍ය උපදෙස් මත, ජීවිත ආරක්ෂා කරගනිමින් ඒ ආර්ථික ක්‍රියාදාමයට මැදිහත් වියහැකි පුරවැසියන් බවට එන්නත් ලබා ගැනීම නිසා අපි පත්වෙලා තිබෙනවා.

අපි ගත කළ ගිය අවුරුද්ද දෙවන ලෝක සංග්‍රාමයටත් වඩා භයානකයි. පෙබරවාරි මාසෙ තුන්වෙනිදාට ලංකාවේ මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ අයවැය ලේඛනයෙන් ලංකාවේ ග්‍රාමසේවක කොට්ඨාස 14500ට අවම වශයෙන් එක ව්‍යාපෘතියක් ඉදිරි මාස දෙක තුළ ආරම්භ කොට නිමා කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ වෙනවා.

ජීවනෝපාය මාර්ග, කෘෂිකර්මාන්ත, ආහාර නිෂ්පාදනය, වෙනත් කාර්මික පුහුණුව ආදිය, ඒ වගේ ම මහ ජනතාවගේ පහසුකම් වැඩිකිරීම වැනි දේට ප්‍රමුඛත්වය දෙනවා. මේ අයවැය ලේඛනය ගමට ගෙනාපු අයවැය ලේඛනයක්. ඒ ඔබ දුන් ජනවරමේ පෙරළියයි.”

අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මේ බව පැවසුවේ ඊයේ (01) පැවැති උත්සවයක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස