පාර්ලිමේන්තුවේ පසුපෙළ අසුන්ගැනීමට හිටපු ඇමැතිවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල සිය අකැමැත්ත ප්‍රකාශ කොට ඇති බව වාර්තා වේ.
ඒ අනුව අද දින පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමේ දී තමන්ට ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ අසුන් පනවන ලෙස ඔවුන් දැනුම් දී ඇති බව දැනන්නට ඇත.
තමන් පක්ෂ නායකවරුන් වීම ඊට හේතුව බව ද ඔවුන් සඳහන් කොට ඇති බව පැවසේ.
ඇමැතිකම් අහිමි වීමත් සමග විමල් වීරවංශට ආණ්ඩුවේ පසුපෙළ 73 වැනි ආසනයත්, උදය ගම්මන්පිලට 78 වැනි ආසනයත් වෙන් කොට ඇති බව වේත්‍රධාරීවරයා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණි.