මොණරාගල–බදුල්ල මාර්ගයේ පස්සර 13 කණුව ප්‍රදේශයේ දී බස් රථයක් අඩි 200ක් පමණ ප්‍රපාතයකට පෙරළී තිබේ.
මෙම අනතුරින් මරණ ගණන 13ක් දක්වා ඉහළ ගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.
අද (20) උදෑසන 7.15 ට පමණ ලුණුගල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් එලෙස ප්‍රපාතයකට පෙරළී අනතුරට ලක්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කරයි.
එසේ ම මෙම අනතුරින් 32 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල්ගත කර ඇති බවත් වාර්තා වෙයි.