කිලිනොච්චියේ පලෙයි පොලිස් වසමේ සිදු වු පිපිරීමෙන් තුවාල ලැබු සැකකරු අද (08) අලුයම මියගොස් තිබේ.
පලෙයි පොලිස් වසමේ උර්නියන්පත්තු, අයියකච්චිය ප්‍රදේශයේ නිවසක් තුළ පසුගිය 03 වෙනිදා සිදු වු පිපිරීමෙන් බරපතළ තුවාල ලබා සැකකරු අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 44 ක් වු එම ප්‍රදේශයේ පදිංචි හිටපු කොටි සාමාජිකයෙකු යැයි සැක කෙරේ.
මෙම පිපිරීම සම්බන්ධයෙන් ගුරුවරියක බව කියන ඔහුගේ බිරිඳ හා තවත් සැකකරුවන් දෙදෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන පවත්වන බව පොලීසිය පවසයි.
එම නිවසේ තිබී මෙරට නිෂ්පාදිත බෝම්බ තුනක්, කළු කොටි සැමරුම සිදුකරමු යනුවෙන් සඳහන් කොඩියක්, පුපුරණ ද්‍රව්‍ය තොගයක් හා එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු සාමාජිකයෙකුගේ ජායාරූපයක් අත්අඩංගුවට ගෙන තිබේ.