පලස්තීනය විනාශ කිරීමේ රාජ්‍ය ත්‍රස්තවාදයට එරෙහිව නැඟී සිටිනවා…! – සජිත්…

December 1, 2024 at 9:42 am | by emanisa.lk

පලස්තීන ජනතාවට යුක්තිය සාධාරණත්වය ඉටු කිරීම වෙනුවෙන් ජාත්‍යන්තරය සමග අත්වැල් බැඳගෙන කටයුතු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එසේ ම පලස්තීනය විනාශ කිරීමේ රාජ්‍ය ත්‍රස්තවාදයට එරෙහිව රජයත් සමග එකට නැගී සිටින බවත් පලස්තීන ජනතාවගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින බවත් විපක්ෂ නායකවරයා සඳහන් කරයි.

ඊශ්‍රායල ප්‍රහාරවලින් විපතට පත් පලස්තීන ජනතාවට සහන දෙන විට, එම ජනතාව ජීවත් වන තැන්වලට බෝම්බ දැමීමට විරුද්ධව ලෝක නායකයන් ද පෙරට ආ යුතු බවත් එය කතාවට සීමා නොවිය යුතු බවත් සජිත් ප්‍රේමදාස අවධාරණය කරයි.

තව ද මේ ඊශ්‍රලය සහ පලස්තීනය යන රටවල් දෙක සහෝදරත්වයෙන් සංහිඳියාවෙන් යුක්තව එකට එකතු වී ජීවත් වන යුගයක් වෙනුවෙන් සැවොම කැපවිය යුතු බවත් ඔහු පෙන්වා දෙයි.

සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටි⁣යේ ඊයේ (29) කොළඹ ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයේ පැවැති United Nations Day for Solidarity with Palestine People සමුළුව අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *