ගිංතොට ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති හිමියන්ට ඊයේ (24) සවස එම ප්‍රදේශයේම පුද්ගලයකු විසින් පහරදි ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.
පොලිසිය පැවසුවේ සැකකරු ඇතුළු තරුණයින් පිරිසක් විහාරස්ථානයේ ඉඩම මාර්ගයක් ලෙස භාවිත කරමින් නිතර ගමන් කිරිම නිසා එසේ ගමන් නොකරන ලෙස පැවසු විට මෙම පහරදිම සිදුකර තිබේ.
එම අවස්ථාවේ සැකකරු බිමත්ව සිට ඇති බව පරික්ෂණවලදී අනාවරණය වී ඇත.
සැකකරු අත් අඩංගුවට ගැනිම සඳහා ගාල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින් පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.