ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්ත පක්ෂ මූලස්ථානයේදී තමන්ට පහරදීමක් සිදුව ඇති බවට විපක්ෂයේ ඇතමුන් සහ ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින් ගෙනයන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.
“ඔය විපක්ෂයේ ඉන්න අයට මෙලෝ දැනුමක් නෑ. කිසිම උපායමාර්ගයක් තේරෙන්නෙ නෑ. දේශපාලන වශයෙන් අවතැන්වෙලා ඉන්නෙ. ඒ නිසා අතට අහුවෙච්ච එකෙන් ගහන්න පටන් අරන් තියෙනවා. ඒ අතරේ ඔය සමාජ මාධ්‍යවල ඉන්නවා පොඩි මානසික ලෙඩ්ඩු වගේ කීපදෙනෙක්. ඒගොල්ලො රෑට බුදියා ගත්තාම මොකක් හරි එකක් හිතෙනවා, ඒක උදේට පෝස්ට් එකක් හදලා දානවා.
එතකොට ඒක දැම්මාට පස්සෙ තව පිරිසක් ඉන්නවා ඒක ගැන හොයන්නෙ නැතිව ඒක උස්සාගෙන හතරවටේ යනවා, මෙලෝ විචාරයක් නැහැ. මං දැක්කා කවුරුහරි එක්කෙනෙක් දාලා තිබුණා පැලවත්තේ අතින් පයින් ගුටි කෙළියක් නේද මොකක්ද කියලා. ඒක උපුටලා තව කට්ටියක් හදලා තිබුණා පැලවත්තේදී මට ප්‍රහාරයක් එල්ල වුණාය, මම දැන් ඉස්පිරිතාලෙ ඉන්නෙය කියලා. මම දැන් ඔයා ඉස්සරහානෙ ඉන්නෙ.
සාමාන්‍යයෙන් නිව්ස් කරන හරි, ඕනෙ එක්කෙනෙකුට සදාචාරයක් තියෙනවානෙ සිද්ධියක් ආරංචි වුණාම චෙක් කරනවානෙ ඒ කෙනාගෙන්. මට කෝල් එකක් දාලා අහන්න එපැයි නේ ? ඒ තහවුරු කිරීම් මොකක්වත් නෑ, මේක හද හදා යනවා. මේකෙ හාස්‍යජනකම දේ තමයි ඔය මහින්ද රාජපක්ෂලගේ, පොහොට්ටුවේ හිටපු කණ්ඩායම් – මිලින්ද රාජපක්ෂ – මම දැක්කා පුවත්පත් සාකච්ඡාවක් තියලා මේක හෙණට කතා කළා.
මොකුත් දන්නෑ. මේක නිකම් හරියට අර අහස කඩාවැටෙනවා කියලා හාවා දිව්වෙ, අන්න ඒ වගේ. බෙලිගෙඩිය වැටුණා, හාවා දිව්වා බයට. මේක නම් බයටත් නෙවෙයි කුපාඩිකමට, දැන් හතරවටේ දුවනවා. ඇත්තටම ගත්තොත් බංකොලොත් වෙන්නෙ කවුද? අපි නෙවෙයිනෙ. දැන් රටම දැනගත්තා මේක මේ පචයක් තමයි කියලා.
ඒගොල්ලො කියන එකක් මිනිස්සු විශ්වාස කරන්නෙ නැතිව යනවා, ඒගොල්ලො කොහොමද ආණ්ඩුවක් හදන්න කල්පනා කරන්නෙ ? මට නම් කිසි ප්‍රශ්නයක් නැහැ, මගෙන් කීපදෙනෙක් ඇහුවා, මට නම් ඇත්තටම ගත්තොත් හිනාගියා මේකට. මේකෙන් පෙනෙන දේ තමයි මේ වගේ පෝස්ට් හදන කට්ටිය දේශපාලනික වශයෙන් මොන තරම් බංකොලොත්ද, මොන තරම් මන්දබුද්ධිකද කියන එක.”
ටිල්වින් සිල්වා මේ බව පැවසුවේ ඊයේ (09) යූටියුබ් නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.