ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට කොටස් තුනකට කැඩී ඇතැයි වාර්තා වෙයි.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාර්ශ්වය ඉදිරි ජනාධිපතිවරණය සඳහා අමාත්‍ය විජයදාස රාජපක්ෂ ඉදිරිපත් කිරීමට සූදානම් වෙයි.
මේ අතර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර පාර්ශ්වය ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දීමට තීරණය කර තිබේ.
ශ්‍රීලනිපයේ දයාසිරි ජයසේකර පාර්ශ්වය නුදුරේ දී ම සමගි ජන බලවේගය සමග එකතු වන බවයි, දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.