නොරොච්චොලේ ගල් අඟුරු බලාගාරයේ කාර්මික දෝෂයකට ලක්වූ තෙවැනි ජනන යන්ත්‍රය යළිත් ජාතික පද්ධතියට එක්කර ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.
මේ අනුව එම බලාගාරයෙන් පළමු හා තෙවැනි ජනන යන්ත්‍ර මේ වන විට ක්‍රියාත්මක කෙරෙයි. තෙවැනි ජනක යන්ත්‍රය අක්‍රිය වීම නිසා පද්ධතියට මෙ.වො. 270ක් පමණ අහිමි විය.
දෙවැනි ජනන යන්ත්‍රයේ ක්‍රියාත්මක අලුත්වැඩියා කටයුතු මේ මස මැද දී නිම කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරයි.