නොරෙච්චෝලේ ආයෙමත් වැඩ…! මෙ.වො. 100ක් ජාතික විදුලි පද්ධතියට..!

February 2, 2022 at 10:41 am | by emanisa.lk

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය යථා තත්ත්වයට පත්කර නැවත ජාතික විදුලිබල පද්ධතියට එක්කල බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එම සම්බන්ධ කිරීමත් සමඟ ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 100 ක විදුලියක් එකතු වූ බව ද මහජන උපයෝගිතා කොමිසම වැඩිදුරටත් කීය.

සති කිහිපයක ප්‍රයත්නයකින් යථා තත්ත්වයට පත් කළ නොරෙච්චෝලේ පෙරේදා නැවත බිඳ වැටිණි. මෙම මුල් බිඳ වැටීමට හේතුව පසුගිය දෙසැම්බර් මස හදිසි විදුලි බිඳ වැට්ටවීමක් සිදුකරමින් දියත් කළ කඩාකප්පල්කාරී ක්‍රියාවක් බව වාර්තා වෙයි.

කෙසේ වුව ද ඊට එරෙහිව සිදුකරන විමර්ශන කටයුතු මේ වන විට විදුලි බලධාරීන්ගේ බලපෑම් මත යටපත්ව ඇතැයි ද එහි අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩි දුරටත් අනාවරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *