කොවිඩ් සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් නොතකා හිතුවක්කාර අන්දමින් නුවරඑළියේ අවුරුදු උලෙළක් පැවැත්වූ නුවරඑළිය නගරාධිපතිවරයා හිතාමතා රජය අපහසුතාවට පත්කිරීමට කටයුතු කර තිබේ යැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ චෝදනා කරයි.
ඊයේ (28) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.
“මෙම කාල පරිච්ඡේදය සැණකෙළි පවත්වන අවස්ථාවක් නොවේ. රට භීතියට පත්වී තිබෙන අවස්ථාවක්. ලෝකයම මරණ බියෙන් පසුවන අවස්ථාවක්. ශ්‍රී ලංකා රජය පමණක් නොව ලෝක සෞඛය සංවිධානය පවා නිකුතකර තිබෙන සෞඛ්‍ය උපදෙස් නොසලකා හැර, තුට්ටුවකට ගණන් නොගෙන නුවරඑළිය නගරාධිපතිවරයා කටයුතු කර තිබෙනවා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් වසංගතය තව දුරටත් පැතිරී ගියහොත් නුවරඑළිය නගරාධිපතිවරයා ඒ ගැන වගකීම භාරගත යුතුයි.
මෙවැනි බරපතළ වසංගත රෝගයක් පැතිරෙන අවස්ථාවක ඒ ගැන සැලකිල්ලක් නොදක්වා අවුරුදු උත්සවයක් පැවැත්වීම කිසිසේත් අනුමත කළ හැකි දෙයක් නොවේ. මෙවැනි ක්‍රියාවලින් දෝෂාරෝපණය ද වගකීම ද හිමිවන්නේ රජයටයි.
මෙවැනි ක්‍රියා සම්බන්ධයෙන් වගකිවයුතු රජයකටත් වගකිවයුතු බලධාරියකුටත් නොසලකා හැරීමට පුළුවන්කමක් නැහැ. මේ නිසා මෙම සැණකෙළිය පැවැත්වීම ගැන පැවැත්වෙන පරීක්ෂණයේ වාර්තාව ලැබුණු විට දැඩි විනය ක්‍රියාමාර්ගයකට එළඹෙනවා.”