නුවරඑළිය තැපැල් පරිශ්‍රය ටාජ් සමුද්‍රා හෝටලයට…!

November 8, 2023 at 12:12 pm | by emanisa.lk

හොටල් ව්‍යාපෘතියක් සඳහා නුවරඑළිය තැපැල් කාර්යාලය පිහිටි පරිශ්‍රය ටාජ් සමුද්‍රා හෝටලට වෙත ලබා දීමට තීරණය කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

“නුවරඑළියේ තිබෙන ගරා වැටෙමින් පවතින, අපිට නඩත්තු කරන්න බැරි, තීන්ත ගාන්නවත් බැරි, නුවරඑළියේ තැපැල් කන්තෝරුවේ තෙමෙන තැන්වලට බාල්දි තියලා තියෙන්නේ.

ඒ අකර්මණ්‍ය වූ ඌන උපයෝජිත සම්පත ඵලදායීව ඉදිරිපත් කරන්න යෝජනාවක් ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් වෙලා තියෙනවා.

ටාජ් සමුද්‍රා හෝටලය, සංචාරක ව්‍යාපාරයේ, සංචාරකයින් වඩාත්ම ආකර්ෂණීය ගමනාන්තයත් නුවර එළිය.

විශේෂයෙන් ඉන්දියන් සංචාරකයෝ සීතාඑළිය හරහා එන ප්‍රදේශයට ආකර්ෂණයක් ලබා ගන්න පුළුවන්.”

අද (08) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *