නීති සංගම් නිලවරණයෙන් සාලියට 2/3ක ජයක්…! කුවේරට නොසිතූ පරාජයක්….!

February 25, 2021 at 6:59 am | by emanisa.lk

ශ්‍රී ලංකා නීතිඥ සංගමය සඳහා සභාපතිවරයෙකු තෝරාගැනීම සඳහා පැවති ඡන්ද විමසීමෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් වැඩි ඡන්දයෙන් තේරී පත්විය.

ඒ අනුව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 26 වන සභාපති වරයා ලෙස ඔහු පත් වෙයි.

රට පුරා නීතිවේදීන් 17000 පමණ වූ ඡන්ද දායකයන් අතරින් සාලිය පීරිස් ඡන්ද 5162ක් ලබා ගත් අතර ප්‍රතිවාදියා ලෙස තරග කළ කුවේර ද සොයිසාට ඡන්ද 2807 ලැබී තිබිණි.

මෙය නීතිඥ සංගමය නිලවරණයක ප‍්‍රකාශිත ඡන්දවලින් විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවකින් ජයග්‍රහණය ලබා ගත් අවස්ථාවකි.

සාලිය පීරිස් ප‍්‍රකාශිත ඡන්දවලින් ආසන්න වශයෙන් 2/3ක ඡන්ද ප‍්‍රමාණයක් ලබාගෙන ජය ගෙන තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *