නීති විරෝධී මුල්ලවයික්කාල් සැමරුම් ඩෝසර් කරයි….! යාපනය විශ්වවිද්‍යාලය ඉදිරිපිට විරෝධතා….! පොලිසිය සහ STF කැඳවයි…..!

January 9, 2021 at 10:21 am | by emanisa.lk

යාපනය විශ්වවිද්‍යාලය ඉදිරිපිට ඊයේ (08) රාත්‍රියේ දැඩි නොසුන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, විශ්වවිද්‍යාල සිසුන්, දේශපාලන නියෝජිතයින් සහ ප්‍රදේශවාසීන් පිරිසක් එලෙස නොසන්සුන්කාරී ලෙස හැසිරී ඇති බවය.

යාපනය විශ්වවිද්‍යාලය පරිශ්‍රය තුළ‍ පිහිටි මුල්ලිවයික්කාල් ස්මාරකය බැකෝ යන්ත්‍රයක් යොදා ඉවත් කිරීමේ සිදුවීමක් මුල්කරගනිමින් මෙම නොසන්සුන්කාරී තත්ත්වය හටගෙන තිබේ.

තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසියට අමතරව පොලිස් විශේෂ කාර්ය බළකායද කැඳවා තිබූ බව අතර රාජකාරියට බාධා කළ ශිෂ්‍යයින් දෙදෙනෙකු යාපනය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බව ද වාර්තා විය.

මෙම ස්මාරකය පහුගිය පාලන සමයේ ඉදි වූ අතර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම එය තහනම් කළ ද ආණ්ඩුව හෝ එවක යාපන විශ්වවිද්‍යාලය පාලනය හෝ පොලිසිය මැදිහත් වී එය නතර කිරීමට එකල කටයුතු කළේ නැත. 2019 පෙබරවාරියේ ශිෂ්‍ය කණ්ඩායමක් විසින් බලහත්කාරයෙන් එය විවෘත කිරීමට කටයුතු කර තිබිණි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *