නිවසේ සිට රාජකාරී කරනවා නම් සම්පූර්ණ වැටුප දෙන්න බෑ…! – අමාත්‍යංශ ලේකම්…

May 18, 2022 at 2:14 pm | by emanisa.lk

රටේ පවතින ඉන්ධන හිඟය මත වියදම අවම කර ගැනීම සඳහා රාජ්‍ය සේවකයන් වැඩට කැඳවීම සිමා කරන්නේ නම්, ඒ අනුව නිවසේ සිට රාජකාරි කරන සේවකයන්ගේ වැටුප් කප්පාදු කිරීමට සිදුවන බව පැවසේ.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි ඒ බව පවසා තිබේ.

මේ මොහොතේ රාජ්‍ය සේවකයන් කැඳවීම සීමා කරන ලෙස යෝජනා කරන පිරිස් මෙවැනි වැටුප් කප්පාදුවක් සඳහා එකඟතාවක් පල කරන්නේ නම් ඊට අදාළ චක්‍රලේඛය නිකුත් කිරීමට තමා සුදානම් බව ද ලේකම්වරයා සඳහන් කළේය.

යම් වියදමක් දරා සේවයට පැමිණෙන පිරිසට ගෙවන වැටුප් ප්‍රමාණයම කිසිදු වියදමක් නොමැතිව නිවසේ සිට රාජකාරි කරන පිරිසටත් ගෙවීම අසාධාරණ බව ද ලේකම්වරයා සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *