ඇමැති ආරක්ෂකයා ටිපර් රියදුරුට වෙඩි තබයි…! ඇමැතිගේ නිවස ඉදිරිපිට රියදුරු මැරී වැටෙයි….!

June 21, 2021 at 11:20 pm | by emanisa.lk

මඩකපුවේ දී අද (21) පස්වරු 5.10ට පමණ ඇමැති ආරක්‍ෂක පොලිස් කොස්තාපල්වරයකු සිදුකළ වෙඩි තැබීමකින් ටිපර් රථ රියදුරකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන්ගේ ආරක්‍ෂාවට අනුයුක්ත කර සිටි පොලිස් කොස්තාපල්වරයකු විසින් සිය රාජකාරී ගිනිඅවියෙන් එම වෙඩි තැබීම සිදුකර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

මෙම කොස්තාපෙලවරයා සහ ටිපර් රථ රියදුරු අතර මීට දින කීපයකට පෙර ද බහින්බස්වීමක් සිදු වී තිබේ. ඊයේ පස්වරුවේ ටිපර් රථ රියදුරු ත්‍රිරෝද රථයකින් අමාත්‍යවරයාගේ නිවස ඉදිරිපිටින් ගමන් කරමින් සිටියදී සැකකාර පොලිස් කොස්තාපල්වරයා එම ත්‍රිරෝද රථය නවතා නැවත ගැටුමක් ඇති කර ගෙන තිබේ.

බස්හින්බස් වීම අතරතුර සැකකාර කොස්තාපල්වරයා රාජකාරී පිස්තෝලයෙන් ටිපර් රථ රියදුරුගේ හිසට වෙඩි තබා ඇති අතර රියදුරු එම ස්ථානයේ දී ම මියගොස් ඇති බව පොලිසිය පවසයි.

වෙඩි තැබීමේ සිද්ධිය සම්යබන්ධයෙන් සැකකාර කොස්තාපල්වරයා එම අවස්ථාවේදීම අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය වන අවස්ථාවේ දී රාජ්‍ය අමාත්‍යවරයා නිවසේ සිට නොමති බව ද පොලිසිය කියයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *