නිලන්තට සිරදඬුවම් මදියි… මරණ දඬුවම දෙන්න ඕන….! – කතෝලික සභාව…

July 21, 2025 at 9:12 am | by emanisa.lk

ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රාජකාරි පැහැර හැරීමට අදාළව සේවයෙන් පහ කිරීමට තීරණය කර ඇති අනිවාර්ය නිවාඩු යවා සිටි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පිළිබදව අධිකරණ ක්‍රියාමාර්ග ද ගත යුතු බව කොළඹ අගරදගුරු පදවි ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිශාන්ත ප්‍රනාන්දු පියතුමා පවසයි.

තම හැඟීම නම් ඔහුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම නොව මරණ දඬුවම ලබාදිය දීම බවත් පියතුමා සඳහන් කරයි.

කතෝලික සභාව විසින් කැඳවන ලද ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මෙම අදහස් පළ කරන ලදී.

“බෝම්බ ප්‍රහාරයක් සිදු වෙනවයි කියලා දැනත් මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ආරක්ෂක ඇමති කෙනෙක්වත් පත් කරන්නේ නැතුව සිංගප්පුරුට ගිහිල්ලා ප්‍රහාරය සිද්ධ වෙලා දවසක් විතර ගියාට පස්සේ තමයි ලංකාවට එන්නේ. ප්‍රබල හස්තයකින් මෛත්‍රීපා සිරිසේන මහත්මයාව පාලනය කෙරුවා.

මේ ප්‍රහාරය මේ ආකාරයෙන් සිද්ධ වෙන්නට වටපිටාව සකසන්නට කියලා කවුරුහරි ඔහුට බලපෑම් කළා කියන දේ අපිට ලොකු සැකයක් තියෙනවා.

ඒ කියන්නේ සහරාන්ගේ උවමනාවට විතරක් නෙමෙයි ඊට වැඩිය එහා ගිය මහා බලවන්තයෙකුගේ උවමනාවකට තමයි මෛත්‍රීපාල සිරිසේන මහත්මයා සිංගප්පුරුවට ගිහිල්ලා මේ වගේ ඛේදනීය තත්ත්වයක් අපේ රටේ ඇති වෙන්නට ඉඩකඩ සලසා දෙන්නට ක්‍රියාත්මක වුණේ කියන සැක අපිට මතුවෙනවා.

ඒ වගේම අවුරුදු හයක් තිස්ස ජනාධිපතිවරුන් තුන් දෙනෙක්ම මේ වගේ දූෂිත නිලධාරියා ඔහුගේ තනතුරේ තියාගත්තේ ඇයි කියන සැකය අපිට දැන් මතු වෙනවා. ඒ ජනාධිපති ඉවරුන් තුන්දෙනාටම තිබුණා මේ දූෂිත නිලධාරයා ලවා සඟවන්නට තිබුණු රහසක්. එහෙමනම් ඒ රහස මොකක්ද කියලා දැන් හොයන්නට ඕන.

ඒක නිසා මෛත්‍රීල, ගෝඨාභය, ප්‍රණිල් වික්‍රම සිංහ ගේන්ඩ අධිකරණයට ගෙනල්ලා මේකේ සුලමුල හොයන්න. ජනාධිපති කෙනෙක් වුණත් කමක් නෑ. දඬුවන් දීලා ඒ සියල්ල නිවරදි ආකාරයෙන් සිදු කරන්න.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *