නිමල් අමරවීර චාමර සම්පත් කට පරිස්සම් කරගනු..! ඇමැති කටුවලට පක්ෂෙ පාව දුන් අයට ආයේ එන්න වෙනවා..! – දයාසිරි

November 9, 2022 at 6:45 pm | by emanisa.lk

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ තීරණයට පිටුපා ඇමතිකම් ලබාගත් අයට අනාගතයේ දී යළිත් පක්‍ෂයට එන්නට සිදුවනු ඇතැයි එහි මහ ලේකම්, හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.

එම පිරිසට ඉදිරි මැතිවරණයක දී යළිත් පැමිණීමට සිදුවිය හැකි නිසා දැන් පක්‍ෂයට නොබැණ තමන්ගේ කටයුතු කරන්නැයි තමන් දැනුම් දෙන බව ද හෙතෙම සඳහන් කළේය.

දයාසිරි ජයසේකර මේ බව පැවසුවේ කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරයේ දී පැවති බෝධි පූජා පිංකමකට සහභාගීවීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

කොවිඩ් වැළඳී සිටින පක්‍ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සෙත් පතා ඊයේ (08) මෙම පිංකම පැවැත්විණි.

පක්‍ෂයේ පිරිසක් පක්ෂය ගත් තීන්දුව නොසලකා ඇමතිකම් වෙනුවෙන් පක්ෂය පාවා දුන් බවත්, පක්‍ෂය විනාශ වී ඇති බව ඔවුන් කියන්නේ නම් එහි වගකීම ඔවුන්ම ගත යුතු බව ද මහ ලේකම්වරයා එහි දී කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *