නිදහස් දවසට ණයට ගත් ආයුධ පෙන්නුවාට ජාතික අභිමානය ගොඩනැගෙන්නේ නෑ…! – අමාත්‍ය චන්දන අබේරත්න…

February 2, 2026 at 7:29 pm | by emanisa.lk

ජාතික නිදහස් දිනයට ණයට ලබාගත් මුදලින් මිලට ගත් ආයුධ ප්‍රදර්ශනයෙන් ජාතිකාභිමානය ගොඩනොනැගෙන බව රජයේ මතය යැයි රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය, මහාචාර්ය චන්දන අබේරත්න පවසයි.

තමන් විශ්වාස කරන්නේ ආයුධ නොව ශ්‍රී ලංකා හමුදාව සහ පොලිසිය බවත් එය ලොව විශිෂ්ටතම හමුදාවක් බවත් ඇමතිවරයා අවධාරණය කරයි.

සියලු ආගමික ජාතික කොටස්වල සංස්කෘතික අනන්‍යතා පෝෂණය කරමින් පිළිගනිමින් එකම ජාතියක් ලෙස නැගී සිටීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් ජාතික නිදහස් උළෙල සමරන බවද ඇමති චන්දන අබේරත්න ප්‍රකාශ කරයි.

ඔහු මේ බව සඳහන් කළේ දෙරණ BIG FOCUS වැඩසටහනට අද (02) එකතු වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *