නිදහසක් නැති රටේ නිදහස් උත්සව එපා…! මිලියන 200න් දරුවන්ට කන්න දීපල්ලා…! – හිරුණිකා…

January 24, 2023 at 9:40 am | by emanisa.lk

පාලකයින් විසින් රට ඇද දමා ඇත්තේ නිදහස් උත්සවය සැමරිය හැකි තැනකට නොවන බව හිටපු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසයි.

රට විනාශ කළ රාජපක්ෂලාට සහ රනිල්ලාට ගාලු මුවදොර පීඨිකා මත තබා උත්තමාචාර පිදීමේ අවශ්‍යතාවක් නැතැයි ද ඇය සඳහන් කළාය.

නිදහස් උළෙල සඳහා වැය කරන රු. මිලියන 200 දුප්පත් ජනතාවට කන්න ටිකක් දෙන්නට වැය කළ යුතු බවයි, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ප්‍රකාශ කළේ.

නිදහස් උළෙල සඳහා සූදානම් කරන ගාලු මුවදොර පීඨිකාවෙහි කළු කොඩි බැඳ විරෝධය පාමින් ඇය මේ බව සඳහන් කළාය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *