නැවක කාන්දුවක්වත් හොයා ගන්න බැරි ආණ්ඩුවක් වැඩක් නෑ..! – විජිත හේරත්…

June 3, 2021 at 10:52 am | by emanisa.lk

ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ රසායනික ද්‍රව්‍ය කාන්දුවක් ඇතැයි මෙරට බලධාරීන්ට දැනුම් නොදුන් බවට සිදුකරන ප්‍රකාශය පිළිගත නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

නැවේ ඇතුළත් භාණ්ඩ පිළිබඳ සම්පූර්ණ විස්තරයක් ගැනීම බලධාරීන්ගේ වගකීමක් බවත් එම විස්තර නොදුන්නේ යැයි පවසා කර ඇරීමට පාලකයින්ට නොහැකි බවත් එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් පෙන්වා දෙයි.

අරාබි මුහුදේ දී නැවේ ඇති වූ තෙල් කාන්දුව පිළිබඳ නොදැන සිටීම ආණ්ඩුවේ වරදක් බව ද හෙතෙම අවධාරණය කළේ ය.

ඊයේ (02) ජවිපෙ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එකතු වෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස