නැඳුම්ගමුවේ රාජා දැයට සමු දෙයි..!

March 7, 2022 at 10:23 am | by emanisa.lk

මහනුවර දළදා පෙරහරේ සධාතුක කරඬුව වැඩම කර වූ නැදුන්ගමුවේ රාජා හස්තියා අද ( 7) අලුයම 5.30 පමණ මිය ගොස් ඇත.

මිය යනවිට 69 ක් වයසැතිව සිටි රාජා හස්තියා දළදා පෙරහරේ 13 වතාවක් සධාතුක කරඬුව වැඩමවීම සිදු කොට ඇති අතර අවසන් වරට පසුගිය වසරේ ද කරඩුව වැඩමවීම සිදු කළේය.

මියගිය රාජා හස්තියාගේ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව හිමිකරු වෛද්‍යාචාර්ය හර්ෂ ධර්මවිජය පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *