නැඳුන්ගමුවේ රාජා කෙතරම් ගෞරවයට පාත්‍ර වුව ද ඇතු අසලින් ම සිටින්නේ නිකන් ම නිකන් රෙද්ද කැහැපට ගසා ගත් රස්තියාදුකාරයෙකු බව දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි පවසයි.
වසර 22ක් තිස්සේ නැඳුන්ගමුවේ ඇතු ආදරයෙන් බලාකියා ගත් විල්සන් කොඩිතුවක්කු හෙවත් කළු මාමා පිළිවෙළකට ඇඳුමක් අඳින්නේ නැති අපිරිසිදු කමකට නැති පුද්ගලයකු බවට සෝභිත හිමි චෝදනා කළේ ය.
නැඳුන්ගමුවේ ඇතු නුවර දළදා පෙරහැර සඳහා පයින් රැගෙන යන විට ඇතු හතර අතින් ම ආයුධ සන්නද්ධ හමුදා භටයින් ආරක්ෂාව ලබා දෙන නමුත් ඇතු අසල සිටින්නේ අසභ්‍ය ලෙස හරියට ඇඳුමවත් නොහඳින අශිෂ්ටයකු බවයි, උන් වහන්සේ සඳහන් කළේ.
ඇතුගේ මරණය පිළිබඳ සැක බවත් ඒ පිළිබඳ වහා ම පරීක්ෂණයක් කළ යුතු බවත් ඕමල්පේ සෝභිත හිමි අවධාරණය කළේ ය.
තායිලන්තය කාම්භෝජය වැනි රටවල ඇතුන් රැගෙන යන අයට ඉතා අගනා නිල ඇඳුම් ඇති බව ද එහිමියෝ ප්‍රකාශ කළහ.