නැටුව නැටුමකුත් නෑ.. බෙරේ පළුවකුත් නෑ…! සෞඛ්‍ය වර්ජනය අතහැර දමයි…!

February 15, 2022 at 5:12 pm | by emanisa.lk

සෞඛ්‍ය වෘත්තීයවේදීන් ක්‍රියාත්මක කරමින් සිටි වැඩ වර්ජනය දින 14 ක් සඳහා තාවකාලිකව අත්හිට වූ බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැඳවුකරු රවී කුමුදේශ් පවසයි.

ඒ අනුව වැඩ වර්ජනය හෙට (16) පෙරවරු 8.00 සිට අත්හිටුවන බව ඔහු අද (15) ප්‍රකාශ කළේ ය.

මෙම වැඩවර්ජනය මගින් වර්ජකයින්ට කිසිදු ඉල්ලීමක් දිනාගත නොහැකි වූ අතර දින 10ක පමණ කාලයක් ක්‍රියාත්මක කළ වැඩවර්ජනය නිසා ජනතාව දැඩි අපහසුතාවලට ලක් විය.

මේ නිසා ම වර්ජනයට එරෙහිව දැඩි මහජන විරෝධයක් ගොඩනැඟුණු නිසා වර්ජනය අතහැරීම හැර විකල්පයක් ඔවුන්ට නොතිබිණි.

කෙතරම් දින ගණනක් සිය රාජකාරිය වර්ජනය කළ ද මෙම පිරිසට නියමිත පරිදි වැටුප් ගෙවනු ඇත. සිය රාජකාරිය පැහැර හැර වර්ජනයෙහි නිරත වන සේවකයින්ට මහජන බදු මුදලින් පඩි ගෙවන ලොව එක ම රට ලංකාවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *