නැගෙනහිර දියුණු කළ ආණ්ඩුකාරතුමිය ඉවත් කරන්න එපා…! – නැ. ආගමික නායකත්වය….

May 9, 2023 at 3:53 pm | by emanisa.lk

නැගෙනහිර පළාත් ආණ්ඩුකාරිනි අනුරාධා යහම්පත් එම ධූරයෙන් ඉවත් කිරීමට කටයුතු නොකර ලෙස එම පළාත නියෝජනය කරන සර්ව ආගමික නායකයෝ ඉල්ලා සිටිති.

ආණ්ඩුකාරතුමිය කිසිදු ආගම් ජාති භේදයකින් තොරව පළාතේ ජනතාව වෙනුවෙන් විශාල සේවයක් කළ බව මඩකපුව කල්කුඩා ශ්‍රී සීලාලංකාර පිරිවෙණාධිපති දිඹුලාගල දේවාලංකාර හිමියෝ පෙන්වා දෙති.

මඩකලපුව සිංහල මහා විද්‍යාලය තෛභාෂා පාසලක් ලෙස ආරම්භ කළ ආණ්ඩුකාරතුමිය, නැගෙනහිර පළාතට විශාල අඩුවක්ව පැවැති පිරිවෙනක් ආරම්භ කිරීමට කටයුතු කළ බවයි, දේවාලංකාර හිමි සඳහන් කළේ.

වසර 30ක් පූජකවරයෙකු ලෙස තිරිකුණාමලේ ජීවත් වූ තමන් දුටු හොඳම ආණ්ඩුකාරවරිය අනුරාධා යහම්පත් බවත් ඈ පැමිණියේ දේශපාලන පත්වීමක් ලබා නොව නැගෙනහිර පළාත දියුණු කිරීමට බවත් කන්තලේ ගන්තලාව මිසම්පති ජෝර්ජ් දිසායනායක පියතුමා පවසයි.

එහෙයින් ඇගේ ඉතිරි ධූර කාලය ද සම්පූර්ණ කොට පළාතේ අභිවෘර්ධිය උදෙසා කටයුතු කිරීමට අවස්ථාව ලබාදිය යුතු බවයි, එතුමා වැඩි දුරටත් අවධාරණය කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස