නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගන්නැයි දැනුම් දෙයි…!

October 17, 2024 at 4:13 pm | by emanisa.lk

අනුර දිසානායක බලයට පත්කර ගැනීමේ ප්‍රබලතම අරමුණ රාජපක්ෂවරු මෙරට ජනතාවගේ කොල්ලකෑ ධනය නැවත අත්පත් කර ගැනීම බව පලස් වන් සංවිධානයේ කැඳවුම්කරු වින්සඳ යසස්මිණි පවසයි.

එලෙස ජනතා ධනය කොල්ලකෑ නාමල් රාජපක්ෂලා එම ධනය හැකිනම් අල්ලන්නැයි ට්විටර් පණිවිඩයක් තබමින් අභියෝග කර ඇති බවයි, ඔහු පෙන්වා දෙන්නේ.

තමා ඒ් පිළිබඳ සන්දේශයක් ජනාධිපති කාර්යාලයට භාරදුන් බවත් අපගේ ධනය කොල්ලකෑ අය මෙසේ පුරසාරම් දොඩවනු දැකීමට තමන් අකමැති බවත් වින්සඳ යසස්මිණි සඳහන් කරයි.

රටේ ධනය කොල්ලකෑ දෙකයි පනහේ නාමල් රාජපක්ෂ මහා මැතිවරණයේ දී සතයට බස්වා අත්අඩංගුවට ගෙන කොල්ලකෑ ජනතා ධනය නැවත අත්පත් කරගත යුතු බව ද ඔහු අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *