නාමල් තාත්තාට ආදරේ නම් එයාගේ අනාගතේ වෙනුවෙන් තාත්තා පාවිච්චි කරන්නේ නෑ…! – හිරුණිකා…

December 2, 2022 at 12:48 pm | by emanisa.lk

නාමල් රාජපක්ෂ සිය පියාට ආදරය කරන පුතෙකු නොවන බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසයි.

එසේ ආදරේ කළේ නම් සිය පියාගේ දෙපා නැමද වැඳ දැන් හොඳට ම ඇති ගෙදරට වෙලා සැහැල්ලුවෙන් විනෝදයෙන් සිටින ලෙස ඉල්ලා සිටින බවයි, හිරුණිකා සඳහන් කළේ.

මහින්ද රාජපක්ෂ රට පුරා රැගෙන යන්නේ රටට ආදරයට නොව පොහොට්ටුවට ඡන්ද ටික එකතු කර ගැනීමට බවට ඇය චෝදනා කරයි.

සිය පියා මෙවැනි තත්ත්වයක සිටියේ නම් පියාට දේශපාලනය කිරීමට ඉඩ නොදෙන බවත් තමන්ගේ අනාගතය තමා ගොඩනඟා ගන්නා බවත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඇය මේ බව සඳහන් කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *