නාමල් රාජපක්ෂ ඉන්දියාවට ගොස් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉන්දීය අගමැති මෝදි අත්සන් තැබූ ගිවිසුම්වල ගුණ කියා ලංකාවට පැමිණ අනුර කුමාර දිසානායක රට පාවාදී ඇතැයි චෝදනා කරන බව නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් පවසයි.
“අර බේබි, මිනිහා ගියානෙ මේ ඊයෙ පෙරේදා ඉන්දියාවේ. ඒ වෙලාවෙ මිනිහා එහේ බාසාවෙන් එහෙට කියනවා ජනාධිපතිතුමායි මෝදියි අත්සන් කරපු ගිවිසුම් අතිප්‍රබල ගිවිසුම් කියලා.
ලංකාවට ඇවිල්ලා කියනවා ශ්‍රී ලංකාව පාවාදෙන ගිවිසුම් ගණනාවකට ඉන්දියාවේ මෝදිත් එක්ක අත්සන් කළා ලු. තාත්තා වගේමයි පුතාත්. ආයෙ ඇරපු අතක් නෑ, පළුවම තමයි.
පාර්ලිමේන්තුවට ඇවිල්ලා පාර්ලිමේන්තුව ඇතුළෙ හයියෙන් කෑගැහුවොත් පහුවදා මිනිහාගෙ නඩුව.”
නි. ඇමති ටී. බී. සරත් මේ බව පැවසුවේ ජාතික ජන බලවේග මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් අමතමිනි.