ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබාදීමට අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය තීරණය කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික්කයේ බහුතර පාක්ෂිකයින්ගේ ඉල්ලීම මත තමන් මෙම තීරණයට එළඹී බවයි, ඇමැතිවරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ භාණ්ඩාගාරික තනතුර ද දරයි.