නාපානේ හිමි වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවක් රකින්න මහ සටනක් කළා…! – සජිත් ශාසන කීර්ති සම්මානයේ පුදන්න හේතුව ඕමල්පේ හිමි හෙළි කරයි…

March 12, 2022 at 11:42 am | by emanisa.lk

රාමඤ්ඤ නිකායේ හිටපු මහා නායක නාපාන ප්‍රේමසිරි නාහිමියන් අපවත් වූ අවස්ථාවේ පාර්ලිමේන්තුව තුළ ශෝකය පළ කරමින් උන්වහන්සේ වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවක් ආරක්ෂා කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යෝජනා කළ අවස්ථාව කිසිදා අමතක කළ නොහැකි බව ඕමල්පේ සෝභිත නාහිමියෝ පැවසූහ.

එදා එතුමා ගෙන ආ යෝජනාවට පාර්ලිමේන්තුවෙ කිසිවකු නම්‍යශීලී බවක් පෙන්නුම් නොකළ ද මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ ආශීර්වාදය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට එදා හිමිවූ බව ද ඕමල්පේ හිමි පැවසූහ.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත “ශාසන කීර්ති දේශාභිමානී ශ්‍රී ලංකා ජනරංජන” ගෞරව නාමය පිළිගැන් වූ අවස්ථාවේ ප්‍රධාන අනුශාසනය කරමින් උන්වහන්සේ මේ බව පැවසූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස