නාඩු හාල් හිඟයක් රටේ නෑ… මිල ඉහළ දාන්නේ ව්‍යාපාරිකයෝ…!

October 28, 2024 at 8:50 pm | by emanisa.lk

ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු ඉදිරියට සහල් මිල තීරණය කිරීමට ඉඩ ලබා නොදෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එන් පී එන් එම් වික්‍රමසිංහ මහතා පවසයි.

වී අලෙවි මණ්ඩල ගබඩා පුළුල් කර ඊළඟ කන්නයේ සිට රජය වී මෙට්‍රික් ටොන් ලක්ෂ 3-4ක් මිලට ගැනීමට කටයුතු කරන බව ද හෙතෙම අනාවරණය කරයි.

රු. 220ක පාලන මිලට ජනතාවට සහල් ලබා දීමට රජය අනිවාර්යෙන්ම කටයුතු කරන බවයි, ඔහු ප්‍රකාශ කළේ.

හල් මෝල් හිමියන් සතු සහල් තොග සම්බන්ධ වාර්තා අනුව රටේ නාඩු සහල් හිඟයක් නොමැති බව ද ලේකම්වරයා සඳහන් කරයි.

කෙසේ වුව ද සිල්ලර ව්‍යාපාරිකයන් පවසන්නේ නාඩු සහල් හිඟ බවත් මේ වන විට කිලෝවක් රු. 240ක පමණ මිලකට අලෙවි කිරීමට සිදුව ඇති බවත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *