බලය බෙදා හැරීම සහ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අන්තර්ගත විය යුතු යැයි ඉංලගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් යුත් වත්මන් ආණ්ඩුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කරන බවට පොරොන්දු වී ඇති අතර ඒ සඳහා වන වැඩ කටයුතු නුදුරේදී ම ආරම්භ කරන බව දැනුම් දී ඇති බවයි.
දෙමළ ජනතාවගේ දේශපාලන අභිලාෂයන් ඉෂ්ට වන්නේ නම් පමණක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීම සඳහා වන පූර්ණ සහයෝගය ලබා දෙන බව ඔහු අවධාරණය කරයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමේ කටයුතු වත්මන් ආණ්ඩුව විසින් කඩිනමින් ආරම්භ කළ යුතු බව ය.
යහපාලන ආණ්ඩුව කාලයේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සකස් කිරීම සදහා වන සාකච්ඡා රැස්වීම් අසුහතරෙන් වැඩි සංඛ්‍යාවට එවක ජනතා විමුක්ති පෙරමුණේ සාමාජීකයින් ද සහභාගී වූ අතර මහ මැතිවරණයට පසුව අවස්ථා තුනකදී තමන් ජනාධිපතිවරයා හමුවු බව ත් එහිදි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබදව සාකච්ඡා කළ බව ත් ඔහු සඳහන් කළේ ය.