පරාටේ නීතිය වැළැක්වීමේ තීරණය 2025 මාර්තු 31 දිනයෙන් ඔබ්බට සිදුකිරීමේ අවශ්‍යතාවක් නොමැති බවට ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ චක්‍රලේඛය වහා ම ඉල්ලා අස්කරගත යුතු බව ශ්‍රී ලංකා වානිජ මණ්ඩලය පවසයි.
එහි මාධ්‍ය ලේකම් සුසන්ත ලියනාරච්චි සඳහන් කරන්නේ මහ බැංකු අධිපතිවරයාට එසේ සිදු කිරීමට බලයක් නොමැති බවයි.
අදාළ ණය සඳහා පොලිය සම්පූර්ණයෙන් ඉවත් කළ යුතු බවත් නැතහොත් දිගුකාලීන ණය ගෙවීමේ ක්‍රමවේදයක් සකස් කොට දිය යුතු බවත් මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති බව ද ඔහු පෙන්වා දෙයි.
මහ බැංකු අධිපතිට පහුගිය ආණ්ඩු සමග මෙන් සෙල්ලම් කළ නොහැකි බවත් මෙම චක්‍රෙල්ඛය හකුළා ගෙන මුදල් නියෝජ්‍ය ඇමති කී විදිහට චක්‍රලේඛයක් නිකුත් නොකළහොත් බැංකුවලට වන දේ ද ඉදිරියේ දී කියන බවට සුසන්ත ලියනාරච්චි අනතුරු අඟවයි.