ධර්ම දූත සේවය ඇරඹී ඉල් පුන් පොහෝ දිනය අදයි…!

November 18, 2021 at 6:42 am | by emanisa.lk

සම්බුද්ධ ශාසන ඉතිහාසයෙහි අනුස්මරණීය සිදුවීම් කිහිපයකට මුල් වුණු ඉල් පොහෝ දිනය අදයි. වස්සාන සෘතුවේ අවසාන පොහොය ඉල් පුන් පොහොයයි.

මෛත්‍රෙය බෝධිසත්ත්වයන් වහන්සේ විවරණ ලැබීම, ප‍්‍රථම ධර්මදූත පිරිස වන රහතන් වහන්සේලා සැටනම ධර්ම ප‍්‍රචාරය සඳහා ගමනාරම්භ කිරීම සිදුවන්නේ අද වන් ඉල් පොහෝ දිනකය.

බුදුරජාණන් වහන්සේ තුන් බෑ ජටිලයන් දමනය කරනු වස් උරුවෙල් දනව් බලා වැඩම කිරීම, පසුවස් පවාරණය කළ යුතු දිනය වන්නේ ද ඉල් පොහෝ දිනය.

එසේ ම චීවර මාසයේ අන්තිම පොහොය එනම්, කඨිනාස්තරණ විනය කර්මය කළ හැකි අවසාන දිනය වීම, අගසව් සැරියුත් මාහිමියන්ගේ පරිනිර්වාණය සිදු වීම යනාදී කරුණු රැසක් ම සිදුවුණු ශ්‍රේෂ්ඨ දිනයක් වශයෙන් ඉල්මස පුරපසළොස්වක පොහොය දිනය සලකනු ලැබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *