පොහොට්ටුවේ ජනාධිපතිවරණ අපේක්ෂකයන් අතර සිටින ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා සමඟ පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 10 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් විශේෂ රහසිගත සාකච්ඡාවක් පවත්වා ඇතැයි වාර්තා වෙයි.
ඒ අය අතර හිටපු ජනාධිපති හා ශ්‍රීලනිප නායක මෛත්‍රීපාල සිරිසේන ද වන බව සඳහන්ය. මෙම මන්ත්‍රීන්ගෙන් බහුතර පිරිස පසුගිය කාලයේ පොහොට්ටු ආණ්ඩුවට සම්බන්ධව සිට පසු කාලයේ තමන් ස්වාධීන මන්ත්‍රීන් ලෙස ක්‍රියා කරන බව ප්‍රකාශ කළ මන්ත්‍රීන් බව දැන ගන්නට ඇත.
ඔවුන් සිය දේශපාලන අනාගතය සම්බන්ධව ධම්මික පෙරේරා සමඟ සාකච්ඡා කර ඇතත් සාකච්ඡාවේ වැඩි තොරතුරු හෙළිදරව් වී නැත.