දැනට දින කිහිපයකට පෙර ධම්මික පෙරේරාත්, ශ්‍රීලනිප නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනත් අතර කොළඹ දී රහස් හමුවක් සිදුව තිබේ.
මෙම තොරතුරු අනාවරණය වීමත් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්රබයින් අතර දේශපාලන වශයෙන් කැලඹිලි ස්වභාවයක් මතුව තිබෙන බව ද වාර්තා වේ.
මෛත්‍රීගේ මේ හමුව ගැන පක්ෂයේ ලේකම් ඇතුළු දේශපාලන මණ්ඩලයේ කිසිවෙකු දැනුම්වත් නැත.
පොහොට්ටුව සමග දේශපාලන ගමනක් නැතැයි පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් ප්‍රකාශ කරන අතර මෙම හමුව සිදුවීම විශේෂත්වයකි.