ධම්මිකගේ ඇමැති ධූරය වජිරට…!

July 26, 2022 at 5:18 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධුරයට පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇත.

මීට පෙර ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධුරයේ කටයුතු කළේ පාර්ලිමේන්තු මන්ත්‍රි ධම්මික පෙරේරාය. ඔහු සිය මන්ත්‍රි ධුරයෙන්ද ඉවත් වන බව පසුගියදා ප්‍රකාශ කළේය.

එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස මෙම සතියේ දිවුරුම් දීමට නියමිතය. සර්ව පාක්ෂික ආණ්ඩුව බිහිකිරීමෙන් පසු ඔහු අමාත්‍ය ධූරයේ දිවුරුම් දීමට සැලසුම් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *