දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම රාජ්‍ය ත්‍රස්තවාදයක්…! – ගම්මන්පිල…

June 26, 2023 at 5:01 pm | by emanisa.lk

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ආණ්ඩුවේ වෑයමට විරුද්ධ බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.

“මේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබද කල්පනාවෙන් කතාකරන්න ඕන. බොහෝ කාරණා දැනගෙන හිටියත් සමහර කාරණා රටේ මුදල් ස්ථාවරතාවය ගැන හිතා කතාකරන්න ඕන.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉස්සහරට දාගෙන ආණ්ඩුව මොකක්ද මේ නටන්න හදන නාඩගම. මේ දරන වෑයමට අපි විරුද්ධයි කියලා කියනවා. ආණ්ඩුව බංකොලොත් වෙන්නේ නෑ කියලා හිතලා තමයි ආන්ඩුවට ණය දෙන්නේ.

බැංකු 5ක් 25% පොළියට ණය දීලා තියෙන්නේ ආණ්ඩුවට. ආණ්ඩුවට ඔවුන් එක්ක කතානොකර මෙහෙම කරන්න පුළුවන්ද. ආණ්ඩුව තමන්ට තියෙන බලය පාවිච්චි කරලා මෙහෙම කරනවා නම් ඒක දාමරික වැඩක්. මේ රාජ්‍ය ත්‍රස්තවාදය.

මේක නිසා එක පැත්තකින් මූල්‍ය අස්ථාවර තත්ත්වයක් ඇති වෙනවා. අනිත් පැත්තෙන් බැංකුවලට ණය ලබාදීමේ හැකියාව නැතිවෙනවා.”

උදය ගම්මන්පිල කියා සිටියේ අද (26) කොළඹ දී පැවති මාධ්‍ය හමුවේදීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *