දේශීය ණය ප්‍රතිව්‍යුහගත නොකළ රටවල් 11කට IMF ණය…!

June 21, 2023 at 10:16 am | by emanisa.lk

ආණ්ඩුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට යෝජනා කළහොත් ඊට විරුද්ධවීමට සමගි ජන බලවේගය තීරණය කරයි.

එම පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම පෙරේදා (19) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පැවති අවස්ථාවේ මෙම තීරණය ගෙන තිබේ.

කොටස් වෙළෙඳපොළ වසා දමා හෝ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට ආණ්ඩුව ක්‍රියා කරන බවට සහ ඒ සඳහා ලබන සතියේදී විශේෂ පාර්ලිමේන්තු රැස්වීම් දින 02ක් පවත්වනු ඇති බවට පක්ෂයට ලද තොරතුරක් මත එම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම කරුණ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියකින් තොරව අයිඑම්එෆ් අරමුදලෙන් රටවල් 11ක් මේ වන විට ණය ලබා ගෙන ඇති අතර ඊට බංකොලොත් රටවල් 05ක් ද ඇතුළත් වන බැවින් මෙරට ද අයිඑම්එෆ් ණය ලබා ගැනීමට දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට අවශ්‍ය නොවන බව එම පක්ෂයේ අදහස වී තිබේ.

විදෙස් ණය ප්‍රතිව්‍යුහගතකරණය කළද ඒ ආකාරයෙන් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට ගියහොත් මෙරට බැංකු පද්ධතියට සහ ජනතාවට සිදු වන හානිය සම්බන්ධයෙන් සජබ මන්ත්‍රීවරුන් දීර්ඝ වශයෙන් එහිදී අදහස් දක්වා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *