දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි වී තිබේ.
දෙවන දිනටත් අද (30) සලකා බැලූ එම යෝජනා සඳහා පාර්ලිමේන්තුවේ දී අද පස්වරුවේ ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සභාපතීත්වයෙන් යුත් එම කාරක සභාව මෙම තීරණය ගෙන තිබේ.
මුදල් කාරක සභාව ඊයේ (29) දින ද රැස්වී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර එහිදී ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ මූලික යෝජනාවක් කාරක සභාවට ඉදිරිපත් කර තිබුණි.
මුදල් කාරක සභාවේ අනුමැතියෙන් පසු හෙට (01) පැවැත්වෙන විශේෂ පාර්ලිමේන්තු රැස්වීමට ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතය.
කෙසේ වුව ද හර්ෂ ද සිල්වා නියෝජනය කරන සමගි ජන බලවේගය දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට විරුද්ධ බව ඊයේ ප්‍රකාශ කළේය.