දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට සජබ එරෙහි වෙයි…!

June 30, 2023 at 9:11 am | by emanisa.lk

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විට ඊට එරෙහිව ඡන්දය භාවිත කිරීමට සමගි ජන බලවේගය තීරණය කරයි.

ඊයේ (29) පැවැති සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී මෙම තීරණයට එළඹුණු බවයි, පක්ෂ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සඳහන් කළේ.

කෙසේ වෙතත් මෙම තීරණය ගැනීමේදී එම පක්ෂය තුළ උණුසුම් වාද විවාද ඇතිව තිබෙන අතර ඇතැමුන් සඳහන් කර ඇත්තේ මෙම අවස්ථාවේ මෙම යෝජනාවට විරුද්ධ නොවිය යුතු බවයි.

එහෙත් තවත් පිරිසක් පෙන්වා දී ඇත්තේ මේ මොහොතේ මෙම යෝජනාවට සහාය දුන්හොත් ඉදිරියේ සිදුවන ආර්ථික හැලහැප්පීම්වලට තමන් ද වගකිව යුතු වනු ඇති බවය. කෙසේ වුව ද සජබ කිහිප දෙනෙකු මෙම යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දීමේ අවධානමක් ද තිබේ.

අදාළ යෝජනාව හෙට (01) පැවැත්වෙන විශේෂ පාර්ලිමේන්තු රැස්වීමේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *