දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම භයානකයි…! එවැනි තීන්දුවක් ගෙන නෑ..! – මුදල් රාජ්‍ය ඇමැති…

November 17, 2022 at 5:10 pm | by emanisa.lk

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව කිසිදු තීරණයක් ගෙන නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි.

විදේශීය ද්වි-පාර්ශවික සහ වාණිජ ණය හිමියන් සමග ණය ප්‍රතිව්‍යහුගත කිරීමට අදාළව පමණක් ආණ්ඩුවේ අවධානය යොමු වී ඇති බව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරයි.

රාජ්‍ය බැංකු සහ දේශීය මූල්‍ය ක්ෂේත්‍රයට අහිතකර බලපෑමක් එල්ල විය හැකි බැවින් දේශීය ණය ප්‍රතිව්‍යහගත කිරීමට රජය අවධානය යොමු කර නොමැති බව ද හෙතෙම වැඩි දුරටත් පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *