දේශීය ගොවියාට හෙනහුරා ලබයි… පුනරුදේ රට ගොවියාට ලබයි… සහල් ආනයනය සියයට 40කින් ඉහළට…!

June 21, 2026 at 10:52 am | by emanisa.lk

වර්තමාන ආණ්ඩුව යටතේ සහල් ආනයනය විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බව මුදල් ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මගින් නිකුත් කල නවතම දත්ත මගින් අනාවරණය වී තිබේ.

එම දත්ත අනුව 2024 වර්ෂයේදී මෙරට සමස්ත සහල් ආනයනය සහල් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ තිස් එක්දහස් තුන්සිය තිස් අටකි. එය 2025 වසරේදී සහල් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ අසූහතර දහස් හත්සිය පනහක් ආනයනය කර තිබේ.

2024 වසරට සාපේක්ෂව 2025 වසරේදී මෙරට සහල් ආනයනය සියයට 40.7ක වැඩිවකින් එනම් සැලකිය යුතු ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇත.

මේ අතර පෙර වසරට සාපේක්ෂව 2025 වසරේදී මෙරට මුළු වී නිෂ්පාදනය මෙට්‍රික්ටොන් පනස්ලක්ෂ පනස්තුන්දහස් හයසිය අනුඅටක් දක්වා සියයට 7.6කින් වර්ධනය වී ඇති බවද එම වාර්තාව පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *