දේශබන්දුයි සෙව්වන්දියි ගැන තොරතුරු තියෙනවා… තව ටික දවසකින් අල්ලනවා…! – නි. මහජන ආරක්ෂක ඇමති…

March 6, 2025 at 3:09 pm | by emanisa.lk

මේ වන විට හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ ඉෂාරා සෙව්වන්දි සැඟව සිටින බව නියෝජ්‍ය මහජන ආරක්ෂක අමාත්‍ය සුනිල් වටගල පවසයි.

ඔවුන් පිළිබඳ තොරතුරු තමන් සතුව ඇතැයි ද නි. ඇමැතිවරයා ප්‍රකාශ කරයි.

එම තොරතුරු මත තව නොබෝ කලකින් දෙදෙනාම අත්අඩංගුවට ගන්නා බව සුනිල් වටගල අවධාරණය කරයි.

නි. ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේ ජාතික රූපවාහිනියේ වැවඩසටහනකට ඊයේ (05) එකතු වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *