දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ලෙස පත්කිරීමට විරුද්ධ වූ ප්රමුඛපෙළේ නීතිඥයින් බිලියන ගණනින් මුදල් ගෙන කුඩු ජාවාරම්කරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටින බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි.
කුඩු සහ පාතාළය මර්දනය කිරීම සඳහා නායකත්වය ලබා දීමට සුදුසුම පුද්ගලයා දේශබන්දු නිසා තමා ඔහු පොලිස්පති කළ බවයි, ඇමැතිවරයා ප්‍රකාශ කළේ.
පසුගිය අරගල සමයේ අරගලෙකරුවන් සමග ගැටෙමින් සිටි බැවින් පොලීසියට මත්ද්‍රව්‍ය සහ පාතාලය සම්බන්ධයෙන් කටයුතු කිරීමට කාලයක් නොතිබුණ බවත් මේ හේතුවෙන් එම ක්‍රියාකාරකම් රට තුල වර්ධනය වූ බවත් ඇමැති ටිරාන් අලස් වැඩි දුරටත් ප්‍රකාශ කරයි.