පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ආරම්භ කළ යුක්තිය මෙහෙයුම නතර කර ඒ සඳහා අනුයුක්ත කර සිටි නිලධාරීන් එම රාජකාරිවලින් ඉවත් කර තිබේ.
මින් ඉදිරියට එක් එක් පළාත්, දිස්ත්‍රික්, කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ පූර්ණ අධීක්ෂණය මත පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම් වැටලීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා තීරණය කර ඇත.
යුක්තිය මෙහෙයුම මගින් සාර්ථක ප්‍රතිඵල නෙළා ගත්ත ද එහි අඩු පාඩු රැසක් දක්නට ලැබෙන නිසා එම මෙහෙයුම මෙසේ නතර කිරීමට කටයුතු කළ බව ද වැඩ බලන පොලිස්පතිවරයා පවසයි.
යුක්තිය මෙහෙයුම යටතේ ඇතැම් නිලධාරීන් ඉතාම අසාධාරණ ආකාරයේ අත්අඩංගුවට ගැනීම් සහ වැටලීම් කර ඇති බවට තොරතුරු ලැබී ඇති බව ද හෙතෙම පවසයි. එවැනි ආකාරයේ නීත්‍යනුකූල නොවන ක්‍රියාවන් කළ නිලධාරීන්ට එරෙහිව විමර්ශන ආරම්භ කරන බව ද ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.